බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දිනයේ වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එසේම,මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු සහ උතුරු-මැද පළාත්වලත් පුත්තලම, ත්‍රිකුණාමලය, සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට පැ.කි.මී. 50ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.
පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි ඇති ඇතිවිය හැක.
මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා සහ කල්පිටිය සිට මන්නාරම, කන්කසන්තුරේ සහ ත්‍රිකුණාමලය සිට වාකරේ දක්වා වෙරළබඩ මුහුදු ප්‍රදේශවල සුළං වේගය විටින් විට පැයට කිලෝමීටර 50-55 දක්වා වැඩි විය හැක එමෙන්ම මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා සහ කල්පිටිය සිට මන්නාරම, කන්කසන්තුරේ සහ ත්‍රිකුණාමලය සිට වාකරේ දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.