PHI රොෂාන්ගේ ඝාතකයන් සොයා රතන හිමි CID ට

බහුජාතික සමාගම් විසින් ශරීරයට අහිතකර ආහාර ද්‍රව්‍ය මෙරට ජනතාවගේ පරිභෝජනයට ලබාදීම සම්බන්ධයෙන් විශාල කතිකාවතක් සිදුකළ මහජන සෞඛ්‍ය පරීක්ෂක රොෂාන් කුමාරගේ ඝාතනයට තවම සාදාරණය ඉටුනොවීමත්,එසේම ඔහු සමඟ සටන් කළ ආයුර්වේ ප්‍රජා සෞඛ්‍ය නිළදාරී වෛද්‍ය සේනක සිසිත ගමගේ යන අය හදිසියේ මියයාම සම්බන්ධයෙන් සමාජය තුළ ඇතිව තිබෙන සැකය පිළිබඳවත් සොයා බලා කඩිනමින් මෙහි ඇත්ත අනාවරණය කරන ලෙස බලකිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි අද අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට ලිපියක් භාර දී තිබෙනවා.

මෙම මරණ සම්බන්ධයෙන් යුක්තිය ඉෂ්ට වනතෙක් සටන් කරන බවත් විශේෂයෙන් වස විස ජනතාවට කවන බහුජාතික සමාගම් වලට එරෙහිව කටයුතු කරන බවත් එම ලිපිය ලබාදීමෙන් පසුව රතන හිමියන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *