අලිමිනිස් ගැටළුවට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ දීර්ඝකාලිනව මෙරට පැවති පාරිසරික ප්‍රතිපත්ති හා දේශපාලන අධිකාරීය විසින් ගනු ලැබු අන්තනෝමතික තීරණ මගින් බව පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි මහතා ප්‍රකාශ කරනවා.
එමෙන්ම මෑතකදී සිදුවු අලි වෙඩි තැබීම් අනවසර ගිණිඅවි මගින් සිදුකර ඇතැයි ද ඒ මහතා සඳහන් කරනවා වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කරන්නේ යම් යම් සංවිධානාත්මක කන්ඩායම් විසින් මේ ක්‍රියාවන් සිදුකරන්නේදැයි පිලිබඳව පරීක්ෂණ කටයුතු සිදුකරමින් පවතින බවයි.
තවද දුම්රියේ ගැටී අලි මියයාම් වැලැක්වීම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව සමග එක්වෙමින් වැඩසටහන් ක්‍රියාත්මක කරන බව හා නව අලි කොරිඩෝවන් හතරක් ඉදිරියේදී ස්ථාපිත කරන බවත්ය.