2024 දෙසැම්බර් 4 වන දින හයිද්‍රාබාද් හි පැවති Pushpa2 : The Rule මංගල දර්ශනය අතරතුර ඇතිවුණ අධික තෙරපීමෙන් කාන්තාවක් මිය ගියා.
තෙරපීම නිසා ඇගේ දරුවා ද බරපතල අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල් ගත කළා.
කෙසේ වෙතත් චිත්‍රපටයේ ප්‍රධාන නළු අල්ලු අර්ජුන් ජීවිතය නැති කාන්තාවට ඉන්දියානු රු ලක්ෂ 25 ක වන්දියක් ලබා දීමට කටයුතු කර තියෙනවා.
ඇගේ පවුලට රුපියල් ලක්ෂ 25ක් ගා පවුලේ වෛද්‍ය වියදම් හා අනෙකුත් අවශ්‍යතාවන් තමා විසින් බලාගන්නා බව ඔහු පැවසුවා.
ඔහු මේ බව පැවසුවේ X වෙත මිනිත්තු 3කුත් තත්පර 47 ක වීඩියෝවක් ඔස්සේ ඔහුගේ ශෝකය ප්‍රකාශ කරමිනි.
තමාගේ සිනමා ජීවිතයේ වසර 20 ක කාලයක් තුළ මෙවැනි සිදුවීමක් අත් දුටු පළමු වතාව බවත් මෙම සිදුවීමෙන් දැඩි කම්පනයට පත් වූ බව ඔහු එහි කියා සිටියා.
Pushpa 2: මංගල දර්ශනයට අල්ලු අර්ජුන් හා රශ්මිකා මන්දනා හයිද්‍රාබාද් වෙත පැමිණි අතර ඔවුන්ගේ රසිකයගෙන් ප්‍රදේශය පිරී ඉතිරීගියා. පසුව එය අවසන් වුණේ දරුවෙකු සමඟ එම මොහොත දැක බලා ගැනීමට පැමිණි කාන්තාවක් මරුමුවට පත් වීමෙන්.
චිත්‍රපටයේ පළමු දින ආදායම පමණක් ඉන්දියානු රුපියල් කෝටි 175 ඉක්මවා තිබුණා.