අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ද විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වාර්තා කරයි.

වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇති විය හැක.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්වල, උතුරු, උතුරු-මැද, වයඹ සහ මධ්‍යම පළාත්වල සහ ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල විටින් විට පැයට කිලෝමීටර 55 සිට 60 දක්වා තද සුළං වාර්තා වී ඇත.

දිවයිනේ සෙසු ප්‍රදේශවල විටින් විට පැයට කිලෝමීටර 40 සිට 50 දක්වා මධ්‍යස්ථ තද සුළං ඇති විය හැක.

තද සුළං නිසා සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස මහජනතාවට උපදෙස් දී ඇත.

What's your reaction?

Related Posts

1 of 772

Leave A Reply

Your email address will not be published. Required fields are marked *