පසුගිය වසරවලට සාපේක්ෂව මේ වසරේ රඹුටන් ගස් ආශ්‍රිත අනතුරු ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය නිලධාරීන් පවසයි.
කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු හා හදිසි ප්‍රතිකාර අංශයේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය විරාජ් රෝහණ අබේකෝන් මහතා පැවසුවේ රඹුටන් ගෙඩි සතුන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා ඇතැම් පුද්ගලයින් ගස් මත විදුලි රැහැන් ඇදීම නිසා මෙම අනතුරු සිදුවන බවයි එසේම කුඩා දරුවන්ට රඹුටන් ආහාරයට දීමේදී දෙමාපියන් වඩාත් සැලකිලිමත් විය යුතු බව ඔහු තවදුරටත් අවධාරණය කළේය.