කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් තද සුලං සහ මුහුද රළ රළු වීම පිළිබඳ රතු අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වන්නේ කල්පිටියේ සිට මන්නාරම හරහා කන්කසන්තුරේ දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළං වේගය විටින් විට පැයට කිලෝමීටර් 60ක් හෝ 70ක් දක්වා ඉහළ යා හැකි බවත්, එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු හෝ ඉතා රළු විය හැකි බවත් එම නිවේදනයේ දැක්වේ.
එම නිසා ඉදිරි පැය 24 ක කාලය තුළ ඉහත කී ප්‍රදේශ හරහ නාවික ගමණා ගමන කටයුතු සිදු නොකරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර හා නාවික ප්‍රජාවන්ට දැනුම් දී තිබෙනවා.