පලමුරන්දෝලී පෙරහැර පැවැත්වෙන අද දිනයේ මහනුවර නගරය තුල විශේෂ අද විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙනවා
එම කාලය තුළ ක්‍රියාත්මක වන රථවාහන සැලැස්ම සහ විකල්ප මාර්ග පහත පරිදි වේ:
කටුගස්තොට සිට මහනුවර නගරයට පැමිණෙන සියලුම බර වාහන මහයියාව හන්දියේ සිට තිලක් රත්නායක මාවත හරහා පොලිස් හන්දිය දක්වා මහනුවර නගරය දෙසට ගමන් කළ හැකිය.
කටුගස්තොට සිට පැමිණෙන සැහැල්ලු වාහන ඩී.එස්. සේනානායක වීදිය හරහා පැමිණ මීරමක්කම් පල්ලිය පසුකර කන්දේ වීදිය හරහා ගොස් තිලක් රත්නායක මාවත ඔස්සේ ගමන් කළ හැකිය.
කටුගස්තොටින් පිටවන වාහන දළදා වීදිය, යටි නුවර වීදිය, කන්දේ වීදිය, ඩී.එස්. සේනානායක වීදිය හරහා ගමන් කළ හැකිය.
තැන්නේ කුඹුර සහ අම්පිටිය සිට පැමිණෙන වාහන සංඝරාජ මාවතෙන් වේල්ස් පාර්ක් හන්දියට ගොස් ඇහැලේපොල කුමාරිහාමි මාවතෙන් දකුණට හැරවිය යුතුය.
බෝගම්බර, දුම්රිය ස්ථානය අසල වමට හැරී කොළඹ දෙසට දකුණට හැරී නගරයට යා යුතුය. එසේම, රජ පිහිල්ල මාවත හන්දියේ සිට පල්ලිය මාර්ගය හරහා මහනුවර නගරයට ඇතුළු විය හැකිය.
නගරයේ සිට අම්පිටිය, තෙල්දෙනිය හරහා ගමන් කරන වාහන ඔරලෝසු කණුව වටරවුම, දළදා වීදිය, රැජින හෝටල් පැති ගේට්ටුව අසලින් ගොස් බෝට්ටු සේවය අසලින් සංඝරාජ මාවතට පිවිසිය හැකිය. එසේම, බෝගම්බර වටරවුම, ඇහැලේපොල කුමාරිහාමි මාවත, රජ පිහිල්ල මාවත, වේල්ස් පාර්ක් හන්දිය, සංඝරාජ මාවත අම්පිටිය සහ තැන්නේ කුඹුර දෙසට භාවිතා කළ හැකිය.
කොළඹ සිට මහනුවරට ඇතුළු වන සහ නගරයෙන් කොළඹ දෙසට යන වාහන සඳහා පැරණි පේරාදෙණිය මාර්ගය සහ විලියම් ගොපල්ලව මාවත භාවිතා කළ හැකිය.