‘Starlink’ අන්තර්ජාල සේවාව සඳහා පෙර ඇණවුම් භාර ගැනේ

ලෝකයේ වේගවත්ම අන්තර්ජාල සම්බන්ධතාවයක් වන ඊලෝන් මස්ක්ගේ ‘Starlink’ සේවාව සඳහා ලාංකිකයින්ට පෙර ඇණවුම් ලබා දීමේ අවස්ථාව හිමිව තිබෙනවා.

ඒ අනුව ඒ සඳහා ‘Starlink’ වෙබ් අඩවියට පිවිස පෙර ඇණවුම් ලබා දිය හැකියි.

‘Starlink’ අන්තර්ජාල සේවාව මේ වනවිට ලෝකයේ රටවල් 99ක පමණ ඉතා සාර්ථක අන්දමින් ක්‍රියාත්මක වෙනු ලබනවා.

මෙම අන්තර්ජාල සේවාව සමග සම්බන්ධ වීම මගින් මෙරට අන්තර්ජාල පහසුකම දුර්වල ප්‍රදේශවලට ද ගැටළුවකින් තොරව අන්තර්ජාල පහසුකම් ලබා ගැනීමට හැකි වන බවයි සඳහන්.

පසුගිය දා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉන්දුනීසියාවේ නිළ සංචාරයකට සහභාගී වූ අවස්ථාවේ දී ජනාධිපතිවරයා සහ ටෙස්ලා සහ ස්පේස් එක්ස් හි ප්‍රධානී ඊලෝන් මස්ක් අතර විශේෂ හමුවක් පැවැත්වුණා.

එහිදී “Starlink” ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ ආරම්භ කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා පෙන්වා දුන් අතර, එවැනි ව්‍යාපෘතියක් ලංකාවේ ආරම්භ කිරීමට අවශ්‍ය උපරිම සහය ලබාදෙන බව ජනාධිපතිවරයා සඳහන් කළා.

ඒ අනුව “Starlink” ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ ආරම්භ කිරීම සඳහා මෙම වසර අවසානයේ දී ඊලෝන් මස්ක් මෙරටට පැමිණීමට නියමිතයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *