STF නිල ඇඳුමෙන් ගම්පහ පාසලක පෙරඩ් ගිහින්

පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් භාවිත කරන නිල ඇඳුම් ඇඳ T-56 ගිනි අවි අතැතිව ගම්පහ බාලක පාසලක ශිෂ්‍යභට කණ්ඩායමක් පෙළපාලියක පෙනී සිටි බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ගම්පහ මූලස්ථාන පොලිසිය මගින් ඊයේ (07) විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

එම බාලක පාසලේ පසුගිය අප්‍රේල් 03 වැනිදා පැවති ක්‍රීඩා උත්සවයේදී පාසලේ ශිෂ්‍යභට කණ්ඩායම විසින් පොලිස් විශේෂ කාර්ය බළකායේ නිල ඇඳුමට සමාන ඇඳුමක් ඇඳ පෙළපාලියට සහභාගි වී තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බළකායේ නිල ඇඳුමට සමාන ඇඳුම් ඇඳගෙන පෙළපාලියක නිරත වූ මෙම සිසුන් පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් භාවිතා කරන රෙදි වර්ගයම යොදාගෙන නිල ඇඳුම සකස් කර ඇති බවයි සඳහන්.

එහිදී පොලිසිය විසින් සිදුකළ විමර්ශනයෙන් අනතුරුව මෙම නිල ඇඳුම් මැසූ අනුරාධපුරයේ රෙදි සාප්පුවක හිමිකරු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිසුන් භාරයේ තිබූ නිල ඇඳුම් පොලිස් භාරයට ගෙන තිබෙන බවත්, මෙම සිදුවීමට අදාලව පාර්ශ්ව කිහිපයකින් ප්‍රකාශ සටහන් කරගත් බවත් පොලිසිය පවසනවා.

එමෙන්ම, මෙවැනි නිල ඇඳුම් පිටස්තර පුද්ගලයින් අතට පත්වුවහොත් එමගින් ආරක්ෂක අංශ නොමඟ යවා යම් අපරාධයක් හෝ වෙනත් අකටයුත්තක් සිදුවිය හැකි බවත්, ඒ හේතුවෙන් මෙම සිද්ධියට සම්බන්ධ සියලු දෙනාටම උපරිම නීතිය ක්‍රියාත්මක කරන ලෙස තමා පොලිස්පතිවරයා දැනුවත් කළ බවයි පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර ප්‍රකාශ කළේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *