සොරකම් රැසකට අවශ්‍ය කර සිටි සැකකරුවෙකු මහරගම, ගොඩිගමුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ ලද තොරතුරක් මත මහරගම පොලිස් ස්ථානයේ නිලධාරීන් සිදුකල වැටලීමකදීයි.
සැකකරු විසින් කොට්ටාව, කැස්බෑව සහ මහරගම පොලිස් වසම්වලදි සිදුකර ඇති ගෙවල් බිදීම් හා දේපල සොරකම් රැසක් ද අනාවරණය වී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.
එහිදී සැකකරු විසින් සොරාගන්නා ලදී යයි සැකකෙරෙන යතුරු පැදියක් සහ ව්‍යාජ අංක තහඩු දෙකක් පොලිසිය විසින් සොයා ගෙන ඇත.
සැකකරු 26 හැවිරිදි මහරගම, ගොඩිගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.