System Change වුණේ රටේ නොවේ ජනතා විමුක්ති පෙරමුණේ විතරයි – සජිත් ප්‍රේමදාස මහතා

වත්මන් ජනාධිපතිවරයා ජනාධිපතිවරණයේ දි අපේක්ෂකයකු ලෙස වේදිකාවක් වේදිකාවක් පාසා රටේ ජනතාවට විශාල බලාපොරොත්තු දුන් බවත් ක්‍රමයේ වෙනසක් කරන බව පැවසුවත් අද වන විට ක්‍රමයේ නම් වෙනසක් සිදුව නොමැති බවත් සිදුව ඇත්තේ ඔහුගේ පක්ෂය, ලාංඡනය, කණ්ඩායම සහ සමාජ මාධ්‍ය කණ්ඩායමේ වෙනසක් බවත් පරණ ක්‍රමය ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වන බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ මට්ටක්කුලියේ පැවැති ජන හමුවක් අමතමිනි.

බලයට පැමිණි පසු විදුලි බිල අඩු කරනවා, තෙල් මිල, අත්‍යාවශ්‍ය ආහාරවල මිල අඩු කිරීම, පාස්පෝට් පෝලිම් නැති කිරීම හා බදු අඩු කරනවා යැයි කිව්වත් මේ කිසිවක් සිදු නොවු බවත් බඩු මිලවත් හාල් මිලවත් පොල් මිලවත් අඩු කරන්න ඔහුට නොහැකි වූ බවත් මේ වන විට පොල් පෝලිම් නිර්මාණය වී ඇති බවත් ඒ දවස්වල ඉන්ධන මිල සූත්‍රයට බැන බැන සිට අද එම මිල සූත්‍රයම උපයෝගී කර ගෙන ධනපතියන් භාවිත කරන සුපිරි තෙල්වල මිල පමණක් අඩු කර ඇති බවත් සාමාන්‍ය ජනතාව භාවිත කරන තෙල්වල මිල අඩු නොකර ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

මේ සියල්ල ජනතාව රවටන කතා බවත් බලයට පැමිණි පසු බදු අඩු කරනවා කිව්වත් අඩු කළ බද්ධක් නොමැති බවත් අයි එම් එෆ් එකත් සමග සාකච්ඡා වට දෙකක් තිබුණත් එම සාකච්ඡාවලින් පසුව නිර්දන පන්තිය නියෝජනය කරනවා යැයි කියන ජනාධිපතිවරයා අයි එම් එෆ් එක ඉදිරියේ දණ නමා ඇති බවත් ඔහුත් අයි එම් එෆ් එකේ පදේට නටන්න පටන් අරන් ඇති බවත් පැවසූ සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ වත්මන් ජනාධිපතිවරයා දැන් මාධ්‍යයටත් බලපෑම් කරන්න කටයුතු කරන බවයි.

මාධ්‍යයට බලපෑම් කරන ජනාධිපතිවරයා ප්‍රජාතන්ත්‍රවාදී නොව ඒකාධිපති රංගනයක නිරත වන බවත් ඔහු ඒකාධිපති නොවී ජනතාව වෙනුවෙන් දුන් පොරොන්දු ඉටු කරන ලෙස ඉල්ලා සිටින බවත් වත්මන් ජනාධිපතිවරයාට රට කරන්න නොහැකි නිසා සැබෑ ක්‍රමයේ වෙනසක් සිදු කළ හැකි සමගි ජන බලවේගයට මනාපය ලබා දෙන ලෙස ඉල්ලා සිටින බවත් සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

NEWS CLIP ☎ https://youtu.be/qJjFebXdilA?si=rOfLFlbyBaFnmrsQ

What's your reaction?

Related Posts

1 of 438

Leave A Reply

Your email address will not be published. Required fields are marked *