T20 ලෝක කුසලානයේ සුපිරි 08 තරග අදින් ඇරඹෙයි

T20 ක්‍රිකට් ලෝක කුසලානයේ සුපිරි 08 දෙනාගේ තරග වටය අදින් (19) ඇරඹෙනවා.

ඒ අමෙරිකාවේ නෝර්ත් සවුන්ඩ් හි දීයි.

මෙවර තරගාවලියේ 41 වැනි තරගයයි අද පැවැත්වෙන්නේ.

මෙවර සුපිරි 08 වටයේ පළමු ව දකුණු අප්‍රිකාවට එරෙහිව අමෙරිකාව තරග වදිනවා.

දකුණු අප්‍රිකාව D කාණ්ඩයෙන් ද අමෙරිකාව A කාණ්ඩයෙන් ද තරග බිමට පිවිසෙනු ඇති.

මේ වනවිට දකුණු අප්‍රිකාව සිය මූලික වටයේ තමන් මුහුණ දුන් තරග 04ම ජයගෙන ස්ථාවර මට්ටමක පසුවන්නේ අපරාජිත කණ්ඩායමක් ලෙසයි.

අමෙරිකාව පැවති තරග 04න් දෙකක් පමණක් ජයගෙන සුපිරි 08 දෙනාගේ තරග වටයට ඉතිහාසයේ පළමු වතාවට එක් ව සිටීම විශේෂත්වයක්.

මෙවර සුපිරි 08 දෙනාගේ වටයේ දී තරග 12ක් පැවැත්වෙන්නේ ක්‍රීඩාංගණ 04ක් පෙරදැරි කරගෙනයි.

නෝර්ත් සවුන්ඩ්, කින්ග්ස්ටවුන්, බ්‍රිජ්ටවුන් සහ ග්‍රෝ අයිලට් හි දී පැවැත්වෙනු ඇති.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *