T20 ලෝක කුසලානයේ 14 වැනි තරගයේ කාසියේ වාසිය නවසීලන්තයට

අමෙරිකාව සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් සත්කාරකත්වය දරන 2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (08) පැවැත්වෙන 14 වැනි තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් වුණා.

එම තරගය ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමග පැවැත්වෙන අතර, කාසියේ වාසිය දිනාගත් නවසීලන්තය තීරණය කළේ පළමුවෙන් පන්දු රැකීමටයි.

ලෝක කුසලාන තරගාවලියේ නවසීලන්ත කණ්ඩායම තරගවදින පළමු තරගය මෙය වන අතර, ඇෆ්ගනිස්ථානය සහභාගී වන දෙවන තරගය මෙයයි.

පසුගිය ජූනි 04 වැනිදා උගන්ඩා කණ්ඩායම සමග පැවති තරගයෙන් උගන්ඩා කණ්ඩායම ලකුණු 58කට සියළු දෙනා දවාගනිමින් ඇෆ්ගනිස්ථානය ලකුණු 125ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට සමත් වුණා

අද තරගය ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 05.00ට ආරම්භ වන අතර, එම තරගය Providence Stadium, Guyana හිදී පැවැත්වීමට නියමිතයි.

එමෙන්ම T20 ලෝක කුසලානයේ 15 වැනි තරගය ලෙසින් සහ ශ්‍රී ලංකාව සහභාගීවන දෙවන තරගය ලෙසින්ද ‘ඩී’ කාණ්ඩය යටතේ බංග්ලාදේශය සමග ශ්‍රී ලංකා වේලාවෙන් අද උදෑසන 06.00 ට ඩලස් හි, Grand Prairie Stadium හිදී ආරම්භ වීමට නියමිතයි.

ශ්‍රී ලංකා කණ්ඩායම මීට පෙර පසුගිය 03 වැනිදා දකුණු අප්‍රිකාව සමග තරග වැදුණු අතර, එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 77කට සියලු දෙනා දැවී යාමෙන් අමිහිරි පරාජයකට මුහුණ දෙනු ලැබුවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *