T20 ලෝක කුසලානය ගැන සුපිරි වේග පන්දුයවන්නා ගෙන් විශේෂ ප්‍රකාශයක්

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 දෙනාගේ වටයට පිවිසීමට නවසීලන්තය අසමත් විය.

එය බලාපොරොත්තු නොවූ පරාජයකි.

මේ අතර නවසීලන්ත කණ්ඩායමේ සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ට්‍රෙන්ට් බෝල්ට් පවසන්නේ මෙය තමාගේ අවසාන විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය බවයි.

දැනට 34 හැවිරිදි වියේ පසුවන බෝල්ට් උගන්ඩාව ට එරෙහිව පැවති තරගයෙන් අනතුරුව මාධ්‍ය අමතමින් ඒ බව පැවසීය.

“මම ගැන කතා කරනවා නම්, මේක මගේ අවසාන විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය…” බෝල්ට් පැවසීය.

ඒ අනුව සඳුදා පැපුවා නිව්ගීනියාව සමග පැවැත්වෙන තරගය ඔහුගේ අවසන් විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගය ලෙස වාර්තාගත වනු ඇත.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *