T20 ක්‍රිකට් ලෝක කුසලානය දිනා සතියකට පසු ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම සිම්බාබ්වේ හමුවේ පරාජය වෙයි

2024 T20 ලෝක ශූර ඉන්දියානු කණ්ඩායම සහ සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවති පළමු T20 තරගයේ ජය වාර්තා කිරීමට සිම්බාබ්වේ කණ්ඩායම අද (06) සමත් වුණා.
ඒ ලකුණු 13කින් ඉන්දියාව පරාජයට පත් කරමින්.
අද තරගයේ සිම්බාබ්වේ Harare Sports Club, Harare හිදී ආරම්භ වූ අතර, කාසියේ වාසිය හිමිකරගත් ඉන්දියාව පළමුවෙන් පන්දු රැකීමට තීරණය කරනු ලැබුවා.
ඒ අනුව පළමුව පන්දුවට පහර දුන් සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 09ක් දැවී ලකුණු 115ක් රැස් කිරීමට සමත් වුණා.
Clive Madande ලකුණු 29ක්ද, Dion Myers ලකුණු 23ක්ද, Brian Bennett ලකුණු 22ක්ද, Wessly Madhevere ලකුණු 21ක්ද රැස් කිරීමට සමත් වුණා.
පන්දු යැවීමේදී ඉන්දීය කණ්ඩායමේ Ravi Bishnoi කඩුලු 04ක්ද, Washington Sundar කඩුලු 02ක්ද, Avesh Khan සහ Mukesh Kumar එක් කඩුල්ල බැගින් දවා ගත්තා.
අනතුරුව ලකුණු 116ක තරම් පහසු ඉලක්කයක් සහිතව පිටියට පිවිසි ක්‍රිකට් ලෝක ශූර ඉන්දීය කණ්ඩායමට සිම්බාබ්වේ පන්දු යවන්නන් හමුවේ දැඩි ලෙස අසරණ වෙමින් පන්දුවාර 19යි පන්දු 05ක් හමුවේ සියල්ලන් දැවී රැස්කර ගත හැකි වුණේ ලකුණු 102ක් පමණයි.
නායක Shubman Gill ලකුණු 31ක්ද, Washington Sundar ලකුණු 27ක්ද, Avesh Khan ලකුණු 16ක් ලෙස ඉහළම ලකුණු රැස් කළ අතර, වෙනත් කිසිඳු ක්‍රීඩකයෙකුට ලකුණු 10 සීමාවට හෝ ලඟා වීමට හැකියාවක් ලැබුණේ නැහැ.
ඉන්දීය පිතිකරුවන් අසරණ කරමින්, Tendai Chatara සහ Sikandar Raza කඩුලු 03 බැගින්ද, Brian Bennett, Wellington Masakadza, Blessing Muzarabani සහ Luke Jongwe එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් වුණා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *