Tesla ඉන්දියාවට?

ලෝක ප්‍රකට Elon Muskගේ Tesla සමාගම සමාගම ඉන්දියාව තුළ පිහිටුවීම සඳහා එරට හවුල්කරුවෙකු සොයන බවට තොරතුරු වාර්තා වෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තාකර සිටින්නේ එක්සත් ජනපදයේ විදුලි වාහන ප්‍රධානියා ඉන්දියාව තුළ නිෂ්පාදන පහසුකම ගොඩනැගීම සඳහා Reliance Industries සමඟ සාකච්ඡා කරමින් සිටින බවයි.

සාකච්ඡා මූලික අදියරේ පවතින අතර මාසයකට වැඩි කාලයක් තිස්සේ සිදුවෙමින් පවතින බවයි වාර්තා වෙන්නේ.

කෙසේ වෙතත් මෙයට හවුල්වන හවුල් ව්‍යාපාරයේ පරමාර්ථය වන්නේ ඉන්දියාවේ විද්‍යුත් වාහන සඳහා ධාරිතාවයන් ගොඩනැගීම බවයි විදෙස් මාධ්‍ය වාර්තාකර සිටින්නේ.

කෙසේ වෙතත් හවුල් සමාගම ටෙස්ලා සඳහා නිෂ්පාදන පහසුකම සහ අනුබද්ධ පරිසර පද්ධතිය ඉන්දියාව තුළ ස්ථාපිත කිරීම සඳහා සැලකිය යුතු දායකත්වයක් ලබා දෙනු ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තාකර සිටින්නේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *