ප්‍රවාහන,මහා මාර්ග, වරාය ,සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය සහ “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන මඟින් පෞද්ගලික අංශයේ සහාය ඇතිව දුම්රිය ස්ථාන 100ක් නවීකරණය කිරීමට “ඩ්‍රීම් ඩෙස්ටිනේසන්” ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සම්බන්ධ වන ව්‍යාපාරිකයන්ගේ හා ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී අද පවත්වා තිබෙනවා.
සියළුම ප්‍රජාවන්ට අවශ්‍ය හසුකම් සලසන නවීන පිරිසිදු සුන්දර දුම්රිය ස්ථාන පද්ධතියක් නිර්මාණය කිරීම “ඩ්‍රීම් ශ්‍රී ලංකා” වැඩසටහනේ අභිපායයි.
මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ ව්‍යාපාරිකයන්ට සිය ස්තුතිය පළ කරන බවද ජනාධිපති ලේකම්වරයා එහිදී සඳහන් කර තිබෙනවා.
මෙම ව්‍යපෘතිය මාස 6 ක් තුල නිම කිරීමට සැලසුම්කර තිබේ.