කුරුළු ආහාර ගබඩාවේ කළමනාකරු හා පාලකවරයා අධිකරණයට

හම්බන්තොට, නගරවැව, කුරුළු උද්‍යාන පරිශ්‍රයේ පිහිටි කුරුළු ආහාර ගබඩාවේ තිබී නීතිවිරෝධී ලෙස මෙරටට ආනයනය කරන ලද යතුරුපැදි 21ක් සමඟ අත්අඩංගුවට ගත් හම්බන්තොට, නගරවැව, කුරුළු උද්‍යාන පරිශ්‍රයේ පිහිටි කුරුළු ආහාර ගබඩාවේ කළමනාකරු සහ ගබඩාකරු අද කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින බව පොලිස් මාධ්‍ය අංශය වාර්තා කරයි.

කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ දෙදෙනාම අත්අඩංගුවට ගන්නා ලදී.

වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාට ලැබුණු විශේෂ පැමිණිල්ලකට අනුව සිදු කරන ලද වැටලීමකදී හම්බන්තොට, නගරවැව, කුරුළු උද්‍යාන පරිශ්‍රයේ පිහිටි කුරුළු ආහාර ගබඩාවේ සඟවා තිබියදී අදාළ යතුරුපැදි සොයා ගන්නා ලදී.

විදේශයන්හි නිෂ්පාදනය කර රටට ආනයනය කිරීම තහනම් කර ඇති මෙම යතුරුපැදියේ වටිනාකම රුපියල් මිලියන 15 ඉක්මවයි.

What's your reaction?

Related Posts

1 of 769

Leave A Reply

Your email address will not be published. Required fields are marked *