මෙරට 49 වන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයේ ජ්‍යෙෂ්ඨතම විනිසුරු වන ප්‍රීති පද්මන් සූරසේන මහතා අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී නව අගවිනිසුරුවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දුන්නා.
ප්‍රීති පද්මන් සූරසේන මහතා 1989 දී නීතිඥවරයෙකු ලෙස දිවුරුම් දුන් අතර පසුව ඔහු නීතිපති දෙපාර්තමේන්තුවට බැඳී රජයේ නීතිඥවරයෙකු ලෙස සේවය කළ අතර 2007 දී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ලෙස පත් කරන ලදී.
ඔහු 2016 දී අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු ලෙසත්, 2018 දී අභියාචනාධිකරණයේ සභාපතිවරයා ලෙසත්, 2019 දී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ලෙසත් පත් කරන ලදී.