විදුලිබල සංශෝධන පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදය අදයි

ලංකා විදුලිබල පනතට 2024 වසරේ සංශෝධන ගෙන එමින් එය සමාගම් 12කට වෙන් කර ප්‍රතිව්‍යුහතකරණයට සැලසුම් කළේ ය.

නව පනත් කෙටුම්පත මගින් එම යෝජනා ඉවත්කර රාජ්‍ය සමාගම් 05ක් යටතේ විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහතකරණයට සැලසුම් කර තිබේ.

එම පනත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කෙරුණු අතර එහිදි ශ්‍රේෂ්ඨාධිකරණය නිගමනය කළේ, එහි ඇතැම් වගන්ති සංශෝධනයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් හා ජනමත විචාරණයක් අවශ්‍ය බවයි.

ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නියෝග ප්‍රකාරව අවශ්‍ය සංශෝධන සිදුකර පනත් කෙටුම්පත අද(06) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව බලශක්ති අමාත්‍යංශය ප්‍රකාශ කළේ ය.

What's your reaction?

Related Posts

1 of 846

Leave A Reply

Your email address will not be published. Required fields are marked *