පද්මේගෙන් තර්ජන

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන කෙහෙල්බද්දර පද්මේ, තම සහචරයෙකු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් බටහිර උතුර අපරාධ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් සිල්වා මරා දමන බවට තර්ජනය කර තිබේ.
කෙහෙල්බද්දර පද්මේ ඊයේ (03) රාත්‍රී 8.45 ට පමණ මෙම ඇමතුම ලබා දී ඇත.
කෙහෙල්බද්දර පද්මේගේ සමීපතමයෙකු වන 39 හැවිරිදි ගම්පහ දේව නම් පුද්ගලයෙකු ඊයේ (03) ගුවන්තොටුපළ අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු රුසියාවේ සහ තායිලන්තයේ අවස්ථා කිහිපයකදී කෙහෙල්බද්දර පද්මේ හමුවී ඇති අතර, මෙවරද පද්මේ හමුවීමට තායිලන්තයට යාමට සූදානම් වන බවට පොලිසිය සැක කරයි.
අදාළ සැකකරු මිනීමැරුම් ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ බවට චෝදනා එල්ල වී ඇති අතර, ඔහු සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සහකාර පොලිස් අධිකාරී රොහාන් ඔලුගල සහ බටහිර උතුර අපරාධ අංශයේ ස්ථානාධිපති ලින්ටන් සිල්වා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.

What's your reaction?

Related Posts

1 of 774

Leave A Reply

Your email address will not be published. Required fields are marked *