පසුගිය ජූලි 8 වනදා බොරැල්ල පොලිස් වසමේ සර්පන්ටයින් පාර ප්‍රදේශයේදී වෙළෙඳසැලක සිටි පුද්ගලයෙකුට වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඊට අනුබල දුන් පුද්ගලයින් දෙදෙනෙක් බොරැල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහුගෙන් වැඩි දුර ප්‍රශ්න කිරීමේදී හෙලිකරගත් තොරතුරු අණුව මෙම අපරාධයට අධාර අනුබල දුන් තවත් සැකකරුවෙකු ඊයේ සවස බොරැල්ල පොලිස් වසමේ සීවලි පටුමග ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 11 යි මිලිග්‍රෑම් 115 ක් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 30 හා 36 වයස්වල පසුවන ඉඹුල්ගස්දෙණිය හා බොරැල්ල යන ප්‍රදේශ වල පසුවන්නන්ය.
බොරැල්ල වෙඩි තැබීමට අනුබල දුන් බවට සැකපිට දෙදෙනෙකු අත්අඩංගුවට
























