සත්‍යජිත් සායිගේ නිවස කඩා දැමීමේ තැතක්

බංග්ලාදේශයේ අගනුවර වන ඩකා හි පිහිටි සුප්‍රසිද්ධ ඉන්දීය චිත්‍රපට නිෂ්පාදක සත්‍යජිත් රායිගේ පවුලේ නිවස කඩා දැමීමට බංග්ලාදේශ රජයේ සැලසුම් පිළිබඳව ඉන්දියාව අවධානය යොමු කර තිබේ.

ආසන්න වශයෙන් වසර 100 ක් පැරණි සහ ඓතිහාසික වටිනාකමක් ඇති මෙම නිවස දැනට බංග්ලාදේශ රජය සතුය.

නිවස කඩා දැමීම නැවත සලකා බැලිය යුතු බවත්, ඒ වෙනුවට එය සාහිත්‍ය කෞතුකාගාරයක් ලෙස ප්‍රතිසංස්කරණය කර නඩත්තු කළ යුතු බවත් ප්‍රකාශ කරමින් ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබේ.

මේ සඳහා ඉන්දීය රජය පූර්ණ සහයෝගය ලබා දීමට සූදානම් බව ද එම නිවේදනයේ සඳහන් වේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *