වගකිවයුතු රාජ්‍ය සේවයක් ගොඩනැගීම සඳහා එක්සත් ජාතීන්ගේ සහාය

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ස්ථිර නේවාසික නියෝජිත අසූසා කුබෝටා, ගුණාත්මක රාජ්‍ය සේවාවක් ගොඩනැගීම සඳහා රජය ගෙන යන වැඩසටහනට තම සහයෝගය තහවුරු කළාය.

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සමඟ අද (13) ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති හමුවකදී ඇය මේ බව ප්‍රකාශ කළාය.

රාජ්‍ය ආයතනවල අභ්‍යන්තර කටයුතු ඒකක ස්ථාපිත කිරීම සඳහා ආරම්භ කර ඇති වැඩසටහන ඉදිරියට ගෙන යාමට සහ කාර්ය මණ්ඩල පුහුණුව සඳහා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනෙන් වැඩි සහයෝගයක් ලබා ගැනීමට සාකච්ඡා පැවැත්වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පෙන්වා දුන්නේය.

මෙම ඒකක පිහිටුවීම රාජ්‍ය ආයතනවල දූෂණය වැළැක්වීම, විනිවිදභාවය සහ වගවීම සහතික කිරීම සහ අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිසම සමඟ සහයෝගයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට දායක වීම අපේක්ෂා කෙරේ.

What's your reaction?

Related Posts

1 of 769

Leave A Reply

Your email address will not be published. Required fields are marked *