UNICEF ශ්‍රී ලංකා නියෝජිතයින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය හමුවෙයි.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ එක්සත් ජාතීන්ගේ ළමා ආරක්ෂක අරමුදලේ (UNICEF) ශ්‍රී ලංකාවේ නියෝජිත ක්‍රිස්ටියන් ස්කූග් මහතා අතර සාකච්ඡාවක් ඊයේ (01) පසවරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී සිදුවිය.

ශ්‍රී ලංකාවේ ළමා ආරක්ෂණය සහ අධ්‍යාපනය වැඩිදියුණු කිරීම, ළමා අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම, ආරක්ෂිත ඉගෙනුම් පරිසරයන් නිර්මාණය කිරීම ඇතුළු කාරණා පිලිබඳ මෙම සාකච්ඡාවෙදී අවධාරණය කෙරිණ.

මෙම හමුවට අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් මහින්ද ගුණරත්න, UNICEF ශ්‍රී ලංකා ළමා ආරක්ෂණ සහ අධ්‍යාපන ප්‍රධානී Teona Aslanishvili, කාන්තා, ළමා හා යෞවන කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් මහේසන්, විදේශ කටයුතු අමාත්‍යාංශයේ එක්සත් ජාතීන්ගේ සහ මානව හිමිකම් පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් කේ. දයානි මෙන්ඩිස්, අධ්‍යාපන අමාත්‍යාංශයේ විෂයමාලා සහ ප්‍රාථමික අධ්‍යාපන අතිරේක ලේකම් පී.සී.කේ. පිරිසියල යන මහත්මමහත්මීන් පිරිසක් සහභාගී විය.

What's your reaction?

Related Posts

1 of 349

Leave A Reply

Your email address will not be published. Required fields are marked *