කහතුඩුව පාලගම ප්‍රදේශයෙදී STF නිලාධාරීන් සමග ඇති වූ වෙඩි හුවමාරුවේදී මිය ගිය පාතාල වෙඩික්කරු වන චාමර ජානක පෝරගේ යන නැමැත්තාගේ දේහය නිවසට ගෙන ඒමට විරෝධය දක්වා හංවැල්ල, ආටිගල ප්‍රදේශවාසීන් විරෝධය පලකොට තිබෙනවා.
එහි ප්‍රතිඵලයක් ලෙස, ඔහුගේ දේහය හෝමාගම පිටිපන ප්‍රදේශයේ පෞද්ගලික අවමංගල්‍ය ශාලාවක තැන්පත් කිරීමට ඔහුගේ පවුලේ අය කටයුතු සූදානම් කර ඇති බව පොලිසිය පැවසීය.
























