රුපියල් මිලියන 289කට අධික ආදායම් බදු නොගෙවීම හේතුවෙන් ප්‍රසිද්ධ නිරූපන ශිල්පිනියක් වන පියුමි හංසමාලිට එරෙහිව මහාධිකරණයේ නඩු පවරන බව දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම්දී තිබේ.
2022 හා 2023 වර්ෂවලට අදාළව ඇය මෙලෙස ආදායම් බදු ගෙවීම පැහැරහැර ඇති බව සඳහන් ය.
විරංජිත් තාඹුගල නමැත්තාද එම වර්ෂ දෙකට අදාළව ආදායම් බදු ගෙවීම පැහැර හැර ඇති බව එම දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම්දී තිබේ.
බදු අපරාධ වැරදිවලට අදාළ විමර්ශනවල ප්‍රගති වාර්තා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා හමුවේ ඊයේ කැඳවනු ලැබීය.
එහිදී දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේ, රජයට බදු නොගෙවා පැහැර හැරීම සම්බන්ධයෙන් පියුමි හංසමාලි හා අවුරා ලංකා සමාගමේ සභාපති විරංජිත් තාඹුගලට එරෙහිව ඉදිරියේදී කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කිරීමට පියවර ගන්නා බවය.