ශ්‍රී ලංකා පරිගණක හදිසි සුදානම කණ්ඩායම (CERT) විසින් වට්ස්ඇප් (WhatsApp) ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ ව්‍යාප්ත වන ව්‍යාජ පණිවිඩ පිළිබඳව අවවාදයක් නිකුත් කර තිබෙනවා.
මෙම ව්‍යජ පණිවිඩ මඟින් පුද්ගලයන්ගේ රහස් තොරතුරු ලබා ගැනීමේ උත්සාහයන් දක්නට ලැබෙන බවයි වාර්තා වෙන්නේ.
විශේෂයෙන්ම මේවා ව්‍යාජ තෑගි දීමනා, තරග, හෝ රක්ෂණ තොරතුරු වැනි පණිවිඩවන අතර මෙම පණිවිඩවලින් විවිධ ලින්ක් සම්බන්ධ කර ඇති අතර, ඒවාට ක්ලික් කිරීමෙන් ඔබගේ පුද්ගලික තොරතුරු ලබා ගන්නා බවයි සඳහන් වෙන්නේ.
ශ්‍රී ලංකා පරිගණක හදිසි සුදානම කණ්ඩායම විශේෂයෙන්ම උපදෙස් දෙන්නේ මෙම ව්‍යජ පණිවිඩ වලින් ඇති වන අවදානම් පිළිබඳව හඳුනාගනිමින් ඒවාට හසු නොවන ලෙසයි.
විශේෂයෙන්ම, පුද්ගලික සහ වාණිජ තොරතුරු හෝ බැංකු තොරතුරු ලබා දීමෙන් වළකින ලෙසයි එම කණ්ඩායම වැඩිදුරටත් පවසා සිටින්නේ.