සූක්ෂ්ම ලෙස මත්ද්‍රව්‍ය ජාවාරම්කරන කාන්තාවක් සීදුව ප්‍රදේශයේදී අත්අඩංගුවට පත්ව තිබේ.ඒ ඇය සිය දරුවාගේ බොනික්කා තුල මත්ද්‍රව්‍ය සඟවාගෙන යමින් ජාවාරම් කරමින් සිටියදීය.
කොටහේන ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි වියේ පසුවන තැනැත්තියක් වන ඇය , සිය දරුවා යොදාගනිමින් මෙම ජාවාරමේ නිරතව ඇති බවයි පොලිසිය පවසන්නේ .
පොලිස් විශේෂ කාර්ය බළකාය හා ත්‍රිවිධ හමුදාව එක්ව අද(26) අළුයම සීදුව රාජපක්ෂපුර ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මෙම කාන්තාව අත්අඩංගුවට පත්ව ඇත.එහිදී බෝණික්කා තුල තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය, කේරළ ගංජා හා විද්‍යුත් තරාදියක් සොයාගැනීමට පොලීසිය සමත්ව ඇත. එමෙන්ම කාන්තාවගේ ශරීරයේ සඟවාගෙන තිබූ අයිස් මත්ද්‍රව්‍ය පැකට් කිහිපයක්ද පොලීසිය විසින් සොයාගෙන තිබේ.
පොලීසිය පවසන්නේ ඇය සිය දරුවාට බෝණික්කා ලබා දී ඇය සමග මෙම මත්ද්‍රව්‍ය කොටහේනේ සිට සිදුව දක්වා රැගෙන එන බවත් එහිදී ඇසුරුම් කර නැවත කොටහේන ප්‍රදේශයට රැගෙන විත් ඒවා අලෙවි කරණ බවත්ය.
මීගමුව කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අශෝක ධර්මසේන මහතාගේ අධීක්ෂණය යටතේ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.
කුඩු බෙදූ කාන්තාවක් සමග බෝනික්කෙකු අත් අඩංගුවට
