අකුණු අනතුරු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

වර්ෂාවත් සමග ඇති විය හැකි ප්‍රබල අකුණු පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලට මෙන්ම ගාල්ල, මාතර සහ මහනුවර යන දිස්ත්‍රික්කවලට අද පස්වරුවේදී හෝ රාත්‍රී කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.

ඒ සමග ප්‍රබල අකුණු ඇතිවීමේ අවධානමක් පවතින බැවින් ඒ පිළිබඳව විමසිලිමත් වන ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *