අගමැති කාර්යාලයෙන් රාජ්‍ය නිලධාරීන්ට “බෝ නොවන රෝග” පෙර හදුනා ගැනීමේ වැදගත්කම පිළිබඳ දැනුවත් කිරීමක්.

බෝ නොවන රෝග පෙර හඳුනා ගැනීම සහ ඊට පෙර සූදානම් වීමේ වැදගත්කම පිළිබඳ රාජ්‍ය සේවකයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් අග්‍රාමාත්‍ය කාර්යාලය සංවිධාන කොට තිබිණි. “නිරෝගීමත් දේශයක් සඳහා නිරෝගීමත් ශ්‍රම බලකායක්” යන තේමාව යටතේ රාජ්‍ය නිලධාරීන් සඳහා මෙම බෝ නොවන රෝග පෙර හදුනා ගැනීමේ සෞඛ්‍ය වැඩසටහනක් මේ යටතේ සංවිධාන කෙරිණ. අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සහභාගීත්වයෙන් අද (28) දවස පුරා අරලියගහ මන්දිරයේ ප්‍රධානශාලාවේදී මෙම වැඩසටහන පැවැත්විණ.

වකුගඩු රුධිර පරීක්ෂාව, රුධිරයේ සීනි මට්ටම පරික්ෂාව, ⁣කොලෙස්ටරෝල් පරීක්ෂාව, දන්ත පරික්ෂාව, ගැබ්ගෙල පිළිකා පරික්ෂාව ඇතුළු බටහිර සහ දේශීය වෛද්‍ය පරික්ෂණ රැසක් මෙහිදී සිදු කර ගැනීමට අවස්ථාව සලසා දී තිබිණ.

මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, අතිරේක ලේකම්වරුන් වන හර්ෂ විජේවර්ධන, මහින්ද ගුණරත්න යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වුහ.

What's your reaction?

Related Posts

1 of 464

Leave A Reply

Your email address will not be published. Required fields are marked *