අගමැති හරිනි සංක්‍රමණ සඳහා වූ ජාත්‍යන්තර සංවිධානයේ (IOM) දූත මණ්ඩල ප්‍රධානී හමුවෙයි.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ සංක්‍රමණ සඳහා වූ ජාත්‍යන්තර සංවිධානයේ (IOM) දූත මණ්ඩල ප්‍රධානී ක්‍රිස්ටීන් බී. පාර්කෝ (Kristin B. Parco) මහත්මිය අතර හමුවක් ඊයේ (01) පස්වරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී පැවැත්විණි.

සයිබර් වංචාවලට එරෙහිව සටන් කිරීම සඳහා සයිබර් ආරක්ෂණ පියවර වැඩි දියුණු කිරීම, මියන්මාරයේ රදවා සිටින ශ්‍රී ලාංකික පුරවැසියන් බේරා ගැනීම අතුළු කරුණු රැසක් පිලිබඳ මෙහිදී සාකච්ඡා කෙරිණ.

මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, ජාතික පර්යේෂණ සහ හවුල්කාරිත්ව නිලධාරිනී මාධවී එන් ගුණවර්ධන, විදේශ ක⁣ටයුතු අමාත්‍යංශයේ එක්සත් ජාතින්ගේහා මනවහිමිකම් අධ්‍යක්ශ ජනරාල් දයානි මෙන්ඩිස් යන මහත්මමහත්මීන් ඇතුළු පිරිසක් සහභාගි විය.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය 
2024.11.02

What's your reaction?

Related Posts

1 of 747

Leave A Reply

Your email address will not be published. Required fields are marked *