අග්ගලා විස වී එකම පවුලේ තුනක් රෝහලේ

වියලන ලද බත් වලින් සකස් කරන ලද අග්ගලා ආහාරයට ගත් මීගහකිවුල කණුගොල්ල ගම්මානයේ එකම පවුලක තිදෙනෙකු අසාධ්‍ය තත්ත්වයෙන් මීගහකිවුල රෝහලට ඇතුලත් කර ඇතැයි පොලීසිය කියයි.

මෙලෙස රෝහල්ගත කර ඇත්තේ කෝමරික කණුගොල්ල ගම්මානයේ පදිංචි අවුරුදු 14, 34, හා 28 යන වයස්වල පසුවන තිදෙනෙකි.

සවස තේ පානය කිරීම සඳහා වියලන ලද බත් පොල්, සීනි ආදිය එක් කොට සකස් කරන ලද අග්ගලා අනුභව කොට තේ පානය කිරීමෙන් පසුව හට ගත් අධික වමනය හේතුවෙන් මොවුන් මෙලෙස රෝහල්ගත කර ඇත.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *