නේපාලය, මාලදිවයින සහ ශ්‍රී ලංකාව සඳහා ලෝක බැංකුවේ කලාපීය අධ්යක්ෂ David Sislen මහතා ඊයේ (26) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවිය.
දැනට ක්‍රියාත්මක වන ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය, ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණ ප්‍රතිපත්තිය, දේශගුණික විපර්යාස අවම කිරීම සඳහා රජයේ කැපවීම, ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම්වූ වැටුප් පරතරය ඉවත් කිරීම පිළිබඳව මෙම හමුවේදී සාකච්ඡා කෙරිණි.
ලෝක බැංකුවේ මාලදිවයින සහ ශ්‍රී ලංකාව සඳහා වන කළමනාකරු Gevorg Sargsyan, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් මහින්ද ගුණරත්න, විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ ලෝක බැංකුව සහ IMF අංශයේ අධ්‍යක්ෂිකා හිමාලි බෝගොඩගෙදර, විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ ලෝක බැංකු අංශයේ නියෝජ්‍ය අධ්යක්ෂ රංජිත් ගුරුසිංහ, සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ආර්ථික කටයුතු අංශයේ නියෝජ්‍ය අධ්යක්ෂ බුද්ධිකා විමලසේන යන මහත්මමහත්මීන් මෙම අවස්ථාවට එක් විය.