ඉදිකිරීම් ක්ෂේත්‍රයේ අඛණ්ඩ වර්ධනයක් පිළිබිඹු කරමින්, ඉදිකිරීම් කටයුතු සඳහා වන ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය වන සමස්ත ක්‍රියාකාරකම් දර්ශකය, 2025 අගෝස්තු මාසයේ දී දර්ශකාංක 61.1ක් දක්වා ඉහළ ගියේය
අගෝස්තු මාසයේදී නව ඇණවුම් දර්ශකය ද ඉහළ ගියේය. සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූවන්ට අනුව, මෙම මාසය තුළ දී වැඩි වශයෙන් ලැබී ඇති ව්‍යාපෘති වන්නේ මාර්ග සංවර්ධන සහ ජල සම්පාදන ව්‍යාපෘතීන් ය
මේ අතර, ඉදිකිරීම් ද්‍රව්‍ය සඳහා ඇති ඉල්ලුම ඉහළ යෑම හේතුවෙන් ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගතවන කාලය මෙම මාසය තුළ දී තවදුරටත් ඉහළ ගියේය.