අඩු කළ ගාස්තුවල සහනය ජනතාවට ලැබෙන්නේදැයි සොයන්න මෙහෙයුම්

අඩු කළ විදුලි ගාස්තු, ගෑස් මිල ඇතුළු රජය ලබාදුන් සහන පාරිභෝගිකයන්ට ලැබෙන්නේද යන්න සොයා බැලීමට පාරිභෝගික අධිකාරියේ විශේෂ වැටලීම් කණ්ඩායම් යෙදවීමට කටයුතු කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති ටී. අයි. උඩුවර සඳහන් කළා.

ජනතාවගෙන් ලැබෙන පැමිණිලි සළකා මෙම තීරණය ගත් බවයි ඔහු කියා සිටියේ.

ඒ අනුව, භාණ්ඩවල මිල ප්‍රදර්ශනය කර තිබේදැයි පරීක්ෂාවට ලක් කෙරෙන අතර, නීති උල්ලංඝනය කරමින් කටයුතුකරන වෙළඳුන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා බවයි සභාපතිවරයා සඳහන් කළේ.

What's your reaction?

Related Posts

1 of 129

Leave A Reply

Your email address will not be published. Required fields are marked *