අඩු වූ පොලී අනුපාතිකය

බලපත්‍රලාභී වානිජ බැංකුවල බරිත සාමාන්‍ය ප්‍රමුඛ ණය පොලී අනුපාතිකය පසුගිය සතිය වන විට 10% මට්ටමින් පහළට පැමිණ ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

මේ අනුව පසුගිය සතිය අවසානයේ දී බලපත්‍රලාභී වානිජ බැංකුවල බරිත සාමාන්‍ය ප්‍රමුඛ ණය පොලී අනුපාතිකය (Average Weighted Prime Lending Rate – AWPR) 9.92% ක් ලෙසින් සටහන්ව ඇත.

ඊට පෙර සතියේ දී මෙම අගය 10.15% ක් ලෙසින් වාර්තා වී තිබුණි.

මීට වසරකට පෙර මෙම අගයය දැක්වුණේ 21.32% ක් ලෙසිනි.

මෙම තත්ත්වය තුළ මෙරට වානිජ බැංකු කිහිපයකම බරිත සාමාන්‍ය ප්‍රමුඛ ණය පොලී අනුපාතික තනි ඉලක්කමක අගයයට පැමිණ ඇති බව නිරීක්ෂණය කළ හැකිය.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *