අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයකට සතිපතා ඇස්තමේන්තු මිල පරාසයක්

පාරිභෝගිකයින්ගේ දැන ගැනීම පිණිස ඉදිරියේදී වෙළඳපොළේ ඇති අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා ඇස්තමේන්තු ගත මිල පරාසයක් නිකුත් කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.

එහි පාරිභෝගික හා තොරතුරු අංශයේ අධ්‍යක්ෂ අසේල බණ්ඩාර මේ බව කියා සිටියේ කොළඹ අද (04) කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

එමෙන්ම ලුනූ සඳහාද මේ වන විට ඇස්තමේන්තු ගත මිලක් නියම කර තිබෙනවා.

ඒ අනුව, රතු ලූනු කිලෝවක් රුපියල් 384 ත් 422ක් අතර මුදලකට අලෙවි කළ යුතුයි.

ලොකු ලූනු කිලෝවක් රුපියල 278 ත් 306 ත් අතර මිලකට අලෙවි කළ යුතු අතර රෝස ලූනු කිලෝවක් රුපියල් 305ත් 335ත් අතර මිලකට අලෙවි කළ යුතු බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේ.

මේ අතර, මේ වන විට වෙළඳපොළේ එළවලු මිලද විශාල ලෙස පහත වැටී තිබෙනවා.

කැප්පෙටිපොළ ආර්ථික මධ්‍යස්ථානයේ තක්කාලි කිලෝවක් රුපියල් 40 කටත්, බෝංචි කිලෝවක් රුපියල් 60 කටත් අද දිනයේ අලෙවි වන බවයි වෙළඳුන් සඳහන් කළේ.

මීට සමගාමීව අනෙකුත් ආර්ථික මධ්‍යස්ථානවල ද එළවලු තොග සහ සිල්ලර මිලද සැලකිය යුතු සංඛ්‍යාවකින් පහත වැටී තිබෙනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *