අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට පැමිණි වෙඩික්කරුවන් පළා යාම සඳහා යොදාගත් වෑන් රථයක් බුලත්සිංහල පොලිස් වසමේ තිබී හමුවී ඇත.

ඊයේ (08) සවස 6.15ට පමණ 119 හදිසි දුරකථන අංකයට ලද තොරතුරකට අනුව බුලත්සිංහල, අයගම, දෙල්මැල්ල ප්‍රදේශයේ පාළු ඉඩමක තිබී එම වෑන් රථය සොයාගෙන ඇති අතර එම වෑන් රථය අයගම දෙස සිට බුලත්සිංහල දෙසට පැමිණ ඇති බවට මේ වනවිට තොරතුරු වාර්තා වී ඇත.

අදාළ වෑන් රථයේ ඉදිරිපස හා පසුපස අංක තහඩු නොමැති අතර ආදායම් බලපත්‍රයේ පිටපතක්ද ඉදිරිපස වීදුරුවේ අලවා ඇති බව වාර්තා වෙයි.

අද (08) උදැසන 10ට පමණ මෙම වෙඩිතැබීම සිදුකර තිබුණේ, අතුරුගිරිය නගරයේ ඔරලෝසු කණුව ආසන්නයේ රූපලාවන්‍ය ආයතනයක් විවෘත කිරීමේ උත්සවයක් අතරතුරදීය.

වෙඩිතැබීමෙන් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන 55 හැවිරිදි සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත සහ 38 හැවිරිදි අයෙක් ජීවිතක්ෂයට පත්වුණි.

මොවුන් කොළඹ 07 සහ අතුරුගිරිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය සඳහන් කරයි.

වෙඩිතැබීමෙන් ප්‍රසිද්ධ ගායන ශිල්පිනියක් වන කේ සූජීවා ද තුවාල ලැබූ අතර තවත් කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *