ලෝක ශූරතා ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට සමගාමීව පැවැත්වෙන තරගයක් ලෙස පැවැති දකුණු අප්‍රිකාවට එරෙහි තරගයේ දී ලකුණු 233ක දැවැන්ත පරාජයක් ලද ශ්‍රී ලංකා කණ්ඩායම එම තරගාවලියට අදාළ ප්‍රසාද ලකුණු සටහනේ 5 වැනි ස්ථානය දක්වා පහළ වැටුණා.
මීට පෙර එම ප්‍රසාද ලකුණු සටහනේ තුන්වැනි ස්ථානයේ රැඳී සිටි ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට ලබා සිටින ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 60ක්.
කෙසේ නමුත් ශ්‍රී ලංකාවට එරෙහිව ලද දැවැන්ත ජයග්රහණයෙන් පසුව දකුණු අප්‍රිකානු කණ්ඩායම එම ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානය පත්ව ඇත්තේ ඉන්දියාවට පමණක් දෙවැනි වෙමින්.
ලෝක ශූරතා ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට අදාළ ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානයේ ඉන්දියාව තවමත් රැඳී සිටින අතර ඔවුන් ලබා ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 110ක්.
ඒ අනුව ඔවුන්ගේ ජයග්‍රහණ ප්‍රතිශතය 61.11%ක් ලෙසයි දැක්වෙන අතර මේ වන විට දෙවැනි ස්ථානය දක්වා පැමිණ තිබෙන දකුණු අප්‍රිකාව ප්‍රසාද ලකුණු 64ක් ලබා ඇති අතර ඔවුන්ගේ ජයග්‍රහණ ප්‍රතිශතය දැක්වෙන්නේ 59.26%ක් ලෙසයි.
මෙම ප්‍රසාද ලකුණු සටහනේ තුන්වැනි ස්ථානයේ මේ වන විට ඔස්ට්‍රෙලියානු කණ්ඩායම රැඳී සිටින අතර ඔවුන් ලබා සිටින ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 90ක් වනවා.
එහෙත් ඔවුන්ගේ ජයග්‍රහණ ප්‍රතිශතය දැක්වෙන්නේ 57.69%ක් ලෙසයි.
මේ අතර එම ලකුණු සටහනේ සිව්වැනි ස්ථානයේ රැඳී සිටින්නේ නවසීලන්ත කණ්ඩායම වන අතර ඔවුන් ලබා සිටින ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 72ක් සහ ජයග්‍රහණ ප්‍රතිශතය 54.55%ක්.
කෙසේ නමුත් ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් තරගයට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට තවමත් අවස්ථාව විවර වී ඇති අතර මේ වන විට අදාළ ප්‍රසාද ලකුණු සටහනේ පස්වෙනි තැන රැඳී සිටින ශ්‍රී ලංකාව, 50.00%ක ජයග්‍රහණ ප්‍රතිශතයක් සමග ලබා සිටින ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 60ක්.