අද විශේෂ රථවාහන සැලැස්මක්

පොලිස් මාධ්‍ය ප්‍රකාශ නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව කියා සිටියේ ඉරාන ජනාධිපතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරය හේතුවෙන් මත්තල, තණමල්විල, කුඩාඔය හරහා වැල්ලවායත්, වැල්ලවයේ සිට ඇල්ල මාර්ගයේ උමාඔය මංසන්ධියට දක්වූ ප්‍රධාන මාර්ගය පෙරවරු 9යි 45 සිට පෙරවරු 11 දක්වා වසා තැබෙන බවයි.

එමෙන්ම කටුනායක අධිවේගි මාර්ගයේ පැයක කාලයක් වාහන ගමනාගමනය නතර කෙරෙන බවයි ඔහු තවදුරටත් කියා සිටියේ.

මීට අමතරව ලෝටස් පාර, බැංකු මාවත, කොල්ලුපිටිය දක්වා වූ ගාලු පාර පස්වරුවේ ඉතා කෙටි වේලාවන් සඳහා විටින් විට සම්පූර්ණයෙන් වසා දැමෙන අතර නැවත රාත්‍රී 9යි 30 පසුව කොටුව සිට කොල්ලුපිටිය දක්වා ගාලු පාරද ධර්මපාල මාවත, ග්‍රීන්පාත්, හෝටන් පෙදෙස හරහා බේස්ලයින් මාර්ගයද බොරැල්ල, දෙමටගොඩ, ඔරුගොඩවත්ත දෙස සිට අධිවේගි මාර්ගය දක්වාත් අධිවේගි මාර්ගයේ පෑලියගොඩ සිට කටුනායක දත්වාත් ඉරාන ජනාධිපතිවරයා ගමන් කරන කාලසීමාව තුළ සම්පූර්ණයෙන් වසා තැබෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ

What's your reaction?

Related Posts

1 of 287

Leave A Reply

Your email address will not be published. Required fields are marked *