අධි බලැති විදුලි රැහැනක ගැටී තරුණයින් දෙදෙනෙක් රෝහලේ

පෞද්ගලික ආයතනක ඉහළ මහලේ තිබූ ජල ටැංකියක් පිරිසිදු කිරීමට ගිය තරුණයින් දෙදෙනෙකුට විදුලි සැර වැදීමෙන් තුවාල ලබා රෝහල් ගත කොට තිබෙනවා.

අද(26) දහවල් මේ අනතුර පුදුකුඩිඉරිප්පු නගරයේදී සිදුව ඇතැයි පොලිසිය පවසනවා.

මුලතිව්,පුදුකුඩිඉරිප්පු, 10 වන පටුමඟ ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි තරුණයින් දෙදෙනෙකු එලෙස රෝහල්ගත කළ බවයි පොලිසිය පැවසුවේ.

තරුණයින්ගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචිමාර්ග වාර්තා කළා.

අනතුර සිදුවූ ආයතනයේ ඉහළ මහල ආසන්නයේ අධි බලැති විදුලි රැහැන් කිහිපයක් පවතිනවා.

එබැවින් එම අධි බලැති විදුලි රැහැනක ගැටීමෙන් අනතුර සිදු වූවාද? යන්න පොලිසිය සැක කරනවා.

පුදුකුඩිඉරිප්පු පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *