‘‘අධිකරණය හෑල්ලු නොකරනු‘‘

ස්ථාන මාරුවක් ලැබ තිබියදි අනවසරයෙන් විදුහලට ඇතුලත්වි ඇති බව පවසා වලහන්දුව ජනාධිපති බාලිකා විදුහලේ නියෝජ්‍ය විදුහල්පතිනියට විදුහලට ඇතුලුවිම තහනම් කරන ලෙසට නියෝගයක් නිකුත් කරන ලෙස අක්මිමණ පොලිසිය කළ ඉල්ලීම ප්‍රතිකෂේප කළ අධිකරණය මෙවැනි ඉල්ලිම් කර අධිකරණය හැල්ලුවට ලක් නොකරන ලෙස ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා පොලිසියට තරයේ අවවාද කළේය.

නියෝජ්‍ය විදුහල්පතිනිය ඉවත්කරන ලෙස ඉල්ලා ඉකුත් 15වනදින මව්පියන් පිරිසක් දක්ෂිණ අධිවේගි මාරගයද අවහිරකරමින් විරෝධාතවක් පැවැත්වු අතර එහිදි දකුණු පළාත් අධ්‍යාපන දෙපාරතමේන්තුව ෙ ඇයට තාවකාලිව ස්ථාන මාරවක් ලබාදි තිබිණි.එහෙත් නියෝජ්‍ය විදුහල්පතිනිය කියා සිටියේ තමාට එවැනි ස්ථානමාරවිම් ලිපියක් නොලැබුන බවය.

ඒ අනුව ඇය අද දිනයේ පාසලට පැමිණ සිටියදි පොලිසිය පැමිණ අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් ඇයට පාසලට ඇතුලුවිම තහනම් කරමින් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටියේය.

නියෝජ්‍ය විදුහල්පතිනිය වෙනුවෙන් පෙනිසිටි නිතිඥවරුන් කරුණු දක්වමින් කිසිම අවස්ථාවක ස්ථාන මාරුවිමේ ලිපියක් ලැබි නොමැති බවයි. මෙය එක්තරා දේශපාලඥයකුගේ ඉල්ලිමකට අනුව කර ඇති දෙයක් බවත් නිතිඥවරු කියා සිටියහ.

මෙහිදි ඉදිරිපත්වු සියලු කරුණු සළකාබැලු මහේස්ත්‍රාත්වරයා පොලිසියට දැඩිලෙස අවවාද කොට නඩු කටයුතු අද දිනයේම අවසන් කළේය.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *