අධිකරණයට ගිය පොලිස් දඬුවම

තෙල්දෙණිය පොලිසිය අත්අඩංගුවට ගත් සැකකරුවකුගේ ලිංගයට නයි මිරිස් දියකර වත් කිරීමේ සිද්ධියට අදාලව ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමේ 12 වැනි වගඋත්තරකාර නීතිපතිවරයා වෙනුවෙන් පමණක් තමන් පෙනී සිටින බව නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් මාධව තෙන්නකෝන් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබෙනවා.

ඒ රුවන් ශාන්ත ප්‍රියදර්ශන නැමැති පෙත්සම්කරු ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම යසන්ත කෝදාගොඩ සහ කුමුදුණී වික්‍රමසිංහ යන විනිසුරුවරුන් ඉදිරියේ ඊයේ (14) කැඳවූ අවස්ථාවේදීයී.

එහිදී අදහස් දක්වමින් නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා සදහන් කළේ, පොලිස් භාරයට ගනු ලැබූ සැකකරුවෙකුට සිදු කළ මෙම ක්‍රියාව ඉතා බරපතල සිද්ධියක් බවයි.

නීතිපතිවරයාට අමතරව පොලිස්පතිවරයා, තෙල්දෙණිය මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ඇතුළු තවත් 11 දෙනෙක් පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබෙනවා.

පසුගිය 2023 ජනවාරි 27 වෙනිදා තෙල්දෙණිය පොලිසිය විසින් අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයා නීතිවිරෝධීව රඳවා තබා ගනිමින් වදහිංසා කර ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම කළ විමර්ශනයේදී තහවුරු වූ බව මෙම මූලික අයිතිවාසිකම් පෙත්සමේ සඳහන්.

ඒ අනුව පොලිස්පතිවරයා ඇතුළු සෙසු වගඋත්තරකරුවන්ට නොතීසි යොමු කරන ලෙසයි ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම්කරුට නියෝග කරණු ලැබුවේ.

පෙත්සම දෙසැම්බර් 19 වැනිදා යළි කැඳවීමට නියමිතයි.

What's your reaction?

Related Posts

1 of 308

Leave A Reply

Your email address will not be published. Required fields are marked *