අධිවේගී මාර්ගයේ බිහිසුණු අනතුරක්

දක්ෂිණ අධිවේගී මාර්ගයේ මත්තල පිවිසුම ආසන්නයේදී (199.3 කිලෝමීටර් කණුව) අද (06) බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා.

ලුණුගම්වෙහෙර දෙස සිට අධිවේගී මාර්ගය හරහා කොළඹ දෙසට ධාවනය වූ මෝටර් රථයක් තවත් මෝටර් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

මෙම අනතුර හේතුවෙන් සිව්දෙනෙකු තුවාල ලබා ලුණුගම්වෙහෙර රෝහලට ඇතුළත් කර තිබෙනවා.

අනතුරින් අධිවේගී මාර්ගයේ ආරක්ෂිත වැටට හා විදුළි කණුවකට හානි සිදුව ඇති බව‍යි අප වාර්තාකරු සඳහන් කළේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *