අනාරක්ෂිත ළිඳකට පුංචි දරුවෙකු බිලිවෙයි

ගම්පොළ නගරයේ අඹගමුව වීදියේ නිවසක අනාරක්ෂිත ළිඳකට ඇදවැටීමෙන් කුඩා දරුවෙකු මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ එම කොළඹ ජාවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 9ක කුඩා දරුවෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

රාමසාන් උත්සවය සැමරීම සඳහා ඔවුන්ගේ මහගෙදර වෙත පැමිණ සිටි අවස්ථාවේ මෙම අනතුර සිදුව තිබෙනවා.

මව වෙළෙඳසැලකට ගොස් පැමිණි අවස්ථාවේ මව දරුවා නොමැති බව දැක කලබලයට පත්ව සොයාබැලීමේදී ප්‍රදේශවාසීන්ද දරුවා සෙවීමට එක්ව ඇති අතර එහිදී ප්‍රදේශවාසීන් එම නිවස ආසන්නයේ ඇති ළිඳට බැස සෝදිසි කිරීමේදී එහි වැටී දියේ ගිලී සිටි දරුවා සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

දරුවා කඩිනමින් ගම්පොළ රෝහල වෙත ඇතුළත් කර තිබුණ ද ඒ වනවිටත් දරුවා මියගොස් ඇති බවයි ප්‍රදේශ වාසින් සඳහන් කළේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *