අනියම් බිරිඳගේ වැඩ නිසා බිරිඳ සිය දිවි නසාගේන

සැමියාගේ අනියම් බිරිදට ලක්ෂ 10ක බැංකු ණයක් තම නමට අරන් දුන් පසුව අනියම් බිරිය විසින් නැවත ණය නොගෙවීමෙන් සිත් තැවුලට පත් කාන්තාවක් සිය දිවි නසාගෙන තිබෙනවා.

ඇය මේ සම්බන්ධයෙන් සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා ඇති බවයි වාර්තා වන්නේ.

33 හැවිරිදි කාන්තාවක් වූ ඇය අසල්වැසි කාන්තාවක් සමග මිතුරුකමක් පවත්වා තිබෙනවා.

එකී මිතුරියගේ අවශ්‍යතාවකට ණය මුදල ලබාගෙන තිබූ අතර මාසිකව ගෙවීමටද පොරොන්දු වී තිබුණා.

මාස 2ක් පමණක් ණය මුදලේ වාරික ගෙවීමෙන් පසුවමිතුරිය මුදල් ගෙවීම නතර කිරීම නිසා බැංකු නිලධාරීන් ණය මුදල ලබා ගත් කාන්තාව සොයා ගෙන පැමිණීමටත් ඇයට එරෙහිව නීතිමය ක්‍රියා මාර්ග ගන්නා බවටත් පවසා තිබෙනවා.

මේ අතර ණය පැහැර හැරි මිතුරිය සිය සැමියා සමග අනියම් පෙමක පැටලී සිටින බව දැනගෙන තිබුණා.

මේ සම්බන්ධයෙන් හටගත් බහින්බස් වීම නිසා සැමියා වෙනත් නිවසක ජීවත්ව ඇති අතරතුරත් අනියම් සම්බන්ධකම පවත්වා ගෙන ගොස් ඇති බව දැනගෙන තිබෙනවා.

මේ අනියම් සබඳතාවත් ණය ප්‍රශ්නයත් මත මානසික පීඩනයක පසු වූ කාන්තාව සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා ගෙල වැලලාගෙන මියගොස් තිබෙන බවයි පැවසෙන්නේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *