අනියම් බිරිය සොය ගිය අතර මග තවත් තරුණියකට හදි කරලා

බිරිඳගේ ත්‍රීරෝද රථයෙන් අනියම් බිරිඳ හමුවීමට ගිය අතරමඟදී තරුණියකට ලිංගික අතවර කළ බව කියන යුද හමුදා සෙබලෙකු ලබන 12 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කැකිරාව වැඩබන මහේස්ත්‍රාත් සෙනරත් බංඩාර අද (07) නියෝග කොට තිබෙනවා.

ගල්කිරියාගම පොලිසිය මඟින් සැකකාර සෙබලා අත්අඩංගුවට ගෙන අධීකරණයට ඉදිරිපත් කළා.

සැකකරු විසින් තරුණියට ලිංගික අතවර කිරීමට යොදා ගත් බව කියන ත්‍රීරෝද රථයද පොලිස් අත්අඩංගුවට ගත්තා.

සැකකරු විවාහක දෙදරු පියෙකු බවත් ඔහු හමුදා සෙබලකු බවද පොලිසිය පවසනවා.

සිය බිරිඳට අයත් බව කියන ත්‍රී රෝද රථයකින් ඔහුගේ අනියම් බිරිඳගේ නිවසට යමින් සිටින අතරමඟදී මෙම තරුණීය පැහැරගෙන ත්‍රීරෝද රථය තුලදී ලිංගික අතවර සිදුකර ඇති බවයි පොලිසිය කියන්නේ.

මෙම අපරාධය සම්බන්ධයෙන් පොලිසියට තොරතුරු ලැබී පැය 07ක් ඇතුළත සැකකාරු සමග ත්‍රී රෝද රථය අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වුණා.

සැකකරුගේ පැහැර ගැනීමට ලක්වූ තරුණිය එම අවස්ථාවේ ධාවනය වූ ත්‍රී රෝද රථයෙන් ඉවතට පැනීම හේතුවෙන් බරපතළ තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇතැයි ද ඇයගේ තත්ත්වය බරපතල බවද පොලිසිය පවසනවා.

සැකකාර යුද හමුදා සෙබලා මෙලෙස පැහැර ගෙන ඇත්තේ පලාගල බමුණුගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 23ක අවිවාහක තරුණීයක්.

පැහැර ගැනීමට ලක්වූ එම තරුණිය ප්‍රදේශයේ සමාජ සේවා කටයුතුවල යෙදෙමින් දහම්පාසැල් ගුරුවරියක ලෙස කටයුතු කරන බව පොලිසිය පවසනවා.

පලාගල බලලුවැව ප්‍රදේශයේ පිහිටි ව්‍යාපාරික ආයතනයක සේවයේ නියුතු එම තරුණිය දවසේ සේවය නිමවා නිවසට යමින් සිටියදී පලාගල බලලුවැව ප්‍රදේශයේදී මෙලෙස පැහැර ගැනීමට ලක්ව තිබෙන බවයි පැවසෙන්නේ.

සේවය නිම වී නිවසට යාම සඳහා බස් රථයක් පැමිණෙනතුරු බලලුවැව මංසන්දියේ සිට පා ගමනින් පලාගල දෙසට ගමන් කරමින් සිටියදී ත්‍රී රෝද රථයක් පදවාගෙන පැමිණි යුද හමුදා සෙබලා ඇයව උපක්‍රමශීලීව ත්‍රී රෝද රථයට නංවාගෙන තිබෙන බවයි පොලිසියට පවසා ඇත්තේ.

පසුව ත්‍රී රෝද රථය පදවන අතරතුර සැකකරු එම තරුණීය ලිංගික අතවරයට ලක් කර ඇති බව විමර්ශණවලදී හෙළීව ඇතැයි පොලිසිය පැවසුවා.

සැකකරුගෙන් බේරීමට ත්‍රී රෝද රථයෙන් ඉවතට පනින අවස්ථාවේ බරපතළ තුවාල ලැබූ තරුණිය ප්‍රදේශවාසීන් විසින් රෝහල් ගතකර තිබෙනවා.

ඇය අනුරාධපුර ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති බව පැවසෙනවා.

සැකකරු අනියම් බිරිඳගේ නිවසේ සැඟව සිටියදී අත් අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ.

ගල්කිරියාගම පොලිසිය විමර්ශන සිදුකරනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *