අනුරගෙන් අගමැතිට චෝදනාවක්

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට අධිකරණය ලබාදුන් තීන්දුව සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පාර්ලිමේන්තුවේදී සිදුකළ ප්‍රකාශය හැකි නම් පාර්ලිමේන්තුවෙන් පිටතට පැමිණ සිදු කරන්නැයි ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක අභියෝගයක් ඉදිරිපත් කළා.

ඒ, ගාල්ලේ ඊයේ පැවැති ජන හමුවකට එක්වෙමින්.

පොලිස්පතිවරයා පත් කර ඇත්තේද වැරදි ආකාරයෙන් බවයි ඔහු කියා සිටියේ.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයට ඉදිරිපත්වනවා යැයි කියමින් පොලිස්පති පත් කරන්නට නොහැකි යැයි ප්‍රකාශ කරන්නේ කුමන පදනමකින් දැයි දිසානායක මෙහිදී ප්‍රශ්ණ කරනවා.

ඔහු කියා සිටින්නේ රනිල්ට වික්‍රමසිංහ හට බඩු බෙදන්න, සල්ලි බෙදන්න , ඉඩම් ඔප්පු බෙදන්න, රජයේ වාහන පාවිච්චි කරන්න, රජයේ කාර්යාල පාවිච්චි කරන්න ඔක්කෝම කරන්න පුළුවන් පොලිස්පති ධුරයට පුද්ගලයෙක් පත් කරන්න පමණක් නොහැකි බව පැවසිම පිළිගත නොහැකි බවයි.

රනිල් වික්‍රමසිංහ මේ වන විට අධිකරණය සමඟ ගැටුමකට යන බවත්, ඔහු උන්මන්තක නායකයෙකු බවත්, ඔහු වැඩිදුරටත් පවසනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *